Sri Lanka’s desire to fight and put on a show in doing so is what made them world champions over two decades ago. © AFP

ශ්‍රී ලංකාවට සටන්කාමීත්වය හුරුය. මීට වසර 20ට පෙරාතුව ඔවුන් ලෝක ශූරයන් වූයේ එහෙයිනි. © AFP

2015 වසරේදී කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීමත් සමග ශ්‍රී ලංකාව අතරමන් වූ අතර වසර දෙකක් ගතව ඇතැත් තවමත් නිසි පාර සොයා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකිවී තිබේ.

සෑම කණ්ඩායමකටම සංක්‍රාන්ති කාලයක් ගෙවා දැමීමට සිදුවෙයි. එහි අවසන් කාලයේදී ශ්‍රී ලංකාව සිටින අයුරු දිස්වෙයි. නමුත් අගෝස්තු 20 දා රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයෙදී ආරම්භවීමට නියමිත තරගය ශ්‍රී ලංකාවට තවත් එක් කුනාටුවක් වෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංගට ආබාධයකට ලක්වූ කණ්ඩායමත් සමගින් යෝධ ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කිරීමට සිදුව තිබේ.

ශ්‍රී ලංකාවට ප්‍රේක්ෂකයන්ගේ උපකාර අවැසි වුවත් ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී මෙන්ම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ අවමන් සහගත පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ප්‍රේක්ෂකයන් ඉවත්ව යමින් සිටියි.

ශ්‍රී ලංකාවට සටන්කාමීත්වය හුරුය. මීට වසර 20ට පෙරාතුව ඔවුන් ලෝක ශූරයන් වූයේ එහෙයිනි. එතැන් පටන් ඔවුන් වෙනමම සංස්කෘතියක් නර්මාණය කළේය. නමුත් වර්තමානයේදී කණ්ඩායම ගැටලුවක් මුහුණදී ඇත.

කුමාර් සංගක්කාර මෙන්ම මහේල ජයවර්ෂන ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත්තේ කණ්ඩායම තුළ විශාල හැදැසක් නිර්මාණය  කරමිනි. ඔවුන් දෙදෙනා වැනි කීඩකයන් දෙදෙනෙකු නිර්මාණය කර ගැනිමට ශ්‍රී ලංකවට පහසු කාර්යයක් නොවෙනු ඇත.  2016 වසරේදී තිරකරත්න ඩිල්ෂාන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමත් සමග එය තවත් තීව්‍ර විය.

විරාත් කෝලිගේ කණ්ඩායමේ අරමුණ දිගින් දිගටම සිය ජයග්‍රාමී ගමන පවත්වාගෙ යාමයි. නිවරදි ස්ථානයට නිවැරදි ක්‍රීඩකයා යොදා ගැනීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායම සාර්ථක කණ්ඩායමක් බට  පත්ව තිබේ.

© Getty Images

36 වැනි වියේ පසුවන දෝනි මේ දක්වාම කණ්ඩායමේ සිටින ශාරීරික යෝග්‍යතාවයෙන් ඉහළම ක්‍රීඩකයා වෙයි. © Getty Images

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායෙම් මැදපෙළ වෙනුවෙන් පාණ්ඩේ හා ජාදේව් අතර තරගයක් පවතී.

ගැටලුවේ ඇතුළට යන්නේ නම් ඉන්දීය ඒ කණ්ඩායම සිදුකළ සාර්ථක දකුළු අප්‍රිකා තරගාවලියේදී කැපි පෙනෙන දක්ෂතා දැක්වීම ට පාණ්ඩේ සමත්වී සිටියි.  ඔහු පිත්තෙන් දක්ෂතා දක්වන අතරම පන්දු රැකීමෙන්ද සිය කාර්යය උපරිමයෙන්ම සිදුකරයි. සමහරෙක් විශ්වාස කරන්නෙ ඔහු ඉන්දියාව වෙනුවෙන් තරග වෙනස්කරවන්නෙකු බවයි. කොදෙව් සංචාරය තුළදී ජාඩේව්ට ලකුණු අතරට පැමිණීම නොහැකිවුවත් පිත්තෙන් මෙන්ම පන්දු යැවීමෙන්ද ඔහු දක්ෂතා දක්වන ක්‍රීඩකයෙකි. කෙසේ වෙතත් මේ දක්වා පාණ්ඩේට කළ නොහැකි වූ ආකාරයට සිය පිතිකරුණය තුළ නම්‍යතාවක් එක්කිරීමට ජාඩේව් සමත්ව ඇත.

දඟ පන්දු යැවීමේ ක්‍රීඩකයන් වන කුල්දීප් යාදව්, ආක්ෂාර පටේල් හා යුෂ්වේන්ද්‍ර චහාල් අතරද තරගයක් පවතී.

වේග පන්දු යැවීමේ අංශය ගත්තත් එය එසේමය. කෙසේ වෙතත් භුවනේෂ්වර් කුමාර් හා ජස්ප්‍රිට් භුම්රා  ප්‍රධාන වේග පන්දු යවන්නන් ලෙස තරගයට එක්වෙන විට අතිරේක වේග පන්දු යවන්නා ලෙස හර්දික් පාණ්ඩ්‍යා කටයුතු කරනු ඇත. ශාර්දුල් ඨාකූර්ට තවදුරත් බංකුවට වී බලාසිටීමට සිදුවනු ඇත.

පිතිකරණය තුළ පීඩනයට ලක්ව ඇති ක්‍රීඩකයා හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිය.  2004 වසරේ සිය එක්දින දිවිය ආරම්භකළ දිනයේ පටන් ඔහු ඉන්දියාව දිනවීමට සුවිශේෂී කාර්යයක් කළ ක්‍රීඩකයෙකි. කෙසේ වෙතත් මෙම තරගාවලියට ඔහු නම්කිරීමට එම්.එස්.කේ. ප්‍රසාද් කටයුතු කළත් ඔහුට අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

“ දෝනිට කණ්ඩායම තුළ නිකන් අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඔහුට ලැබෙන අවස්ථාවෙන් දක්ෂතා දක්වන්න වෙනවා” යැයි තේරීම් කමිටු සභාපති එම්.එස්.කේ. ප්‍රසාද් පවසයි. 36 වැනි වියේ පසුවන දෝනි මේ දක්වාම කණ්ඩායමේ සිටින ශාරීරික යෝග්‍යතාවයෙන් ඉහළම ක්‍රීඩකයා වෙයි. තරග අවසන් කරන්නෙකු ලෙසත්, වේගයෙන් පන්දුවට පහරදෙන්නෙකු ලෙසත් දෝනි දැක්වූ දක්ෂතාව දැන් ක්‍රමයෙන් පහව යමින් තිබේ. ඉන්දීය කණ්ඩායම මේ වන විට 2019 ලෝක කුසලාන තරගාවලියට අවධානය යොමුකර ඇති බව දෝනි තමා විසින්ම තේරුම්ගත යුතුවෙයි.

ශ්‍රී ලංකා තරගාවලිය දෝනිට තීරණාත්මක වනු ඇත. මෙම තරගාවලියේදී ඔහු දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත්වුව හෝත් එය ඔහුගේ අවසානය විය හැකිය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ 28 හැවැරිදි තිසර පෙරේරා මෙම තරගාවලියේදීත් අවස්ථාව ලැබී ඇත. ඒ ඔහුගේ තුන් ඉරියව් දක්ෂතා පිළිබඳව අවධානය යොමුකරමිනි.

ඇන්ජලෝ මැතිව්ස් නැවතත් මෙම තරගාවලියේ සිට පන්දු යැවීම ආරම්භ කිරීමට නියමිතය. ඒ හරහා තරංගට විශ්ව ප්‍රනාන්දු හා මාලිංග  සමග තරගයට පැමිණීමට අවස්ථාව තිබේ. ද ඟ පන්දු යවන්නන් ලෙස අකිල හා සඳකැන් කණ්ඩායමට එක්වෙනු ඇත.

මෙය ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව තෝරා ගන්නා හොඳම කණ්ඩායමද? දීර්ඝව හොඳ නොවුණත් මේ අවස්ථාවේදී ඔවුන්ට තෝරා ගත හැකි හොඳම කණ්ඩායම එයයි.

ශ්‍රී ලංකාව (ක්‍රීඩා කළ හැකි) – උපුල් තරංග (නායක), ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල (කඩලු රකින්නා), ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, තිසර පෙරේරා, ලසිත් මාලිංග, විශ්ව ප්‍රනාන්දු

ඉන්දියාව (ක්‍රීඩා කළ හැකි) – විරාත් කෝලි (නායක), ශිකර් දවාන්, රෝහිත් ශර්මා (උපනායක) ලෝකේෂ් රාහුල්, කේඩාර් ජඩේව්, එම්.එස්. දෝනි (කඩුලු රකින්නා), හර්දික් පාණ්ඩ්‍යා, කුල්දීප් යාදව්, යුෂ්වේන්ද්‍ර චහාල්, ජස්ප්‍රිට් භුම්රා, භුවනේෂ්වර් කුමාර්,