© Getty Images

සිව්දින තරගවලදී ඔහු දක්ෂතා දැක්වීමට අපොහොස්ත්වීම හේතුවෙන් එක්දින තරගාවලියට ඔහු නම් කිරීම පිළිබඳව විවේචන එල්ල විය. නමුත් ඔහු ඒ සඳහා පිළිතුරු ලබාදීමට සමත්විය. © Getty Images

පාකිස්තානය වෙනුවෙන් සුවිශේෂී සේවයක් කළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙන ඉන්සමාම් උල් හක්ගේ සෙවනැල්ලෙන් මිදීමට ඉමාම්ට නොහැකි වී තිබේ. නමුත් 21 හැවැරිදි ක්‍රීඩකයා පවසන්නේ තමන්ටම අනන්‍ය වූ ක්‍රීඩා දිවියක් ගොඩනංවා ගන්නා බවයි.

මීට ඉහතදී ෆයිසාල් ඉක්බාල් පාකිස්තාන කණ්ඩායමට පැමිණීම  පසුපස පාකිස්තානයේ ජාවෙඩ් මියන්ඩාඩ් සිටි බවට චෝදනා එල්ල විය. ජාවේඩ් ෆයිසාල්ගේ මාමා විය.

කෙසේ වෙතත් සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කරමින් ශතකයක් රැස්කළ ඉමාම් තමා ස්වාධීන පුද්ගලයෙකු බව පසක් කළේය. “ මම ඔහුගේ බෑණා වීම මගේ වරදක් නෙමෙයි. එයින් මට උදව්වක් වෙන්න බෑ. මට ඒ සඳහා පිළිතුරු දිය හැකි හොඳම දේ තමයි මගේ පිත්ත. මට අසාර්ථකවීම් තිබේවි. ඒ වගේම හැම ක්‍රීඩකයෙකුටම අසාර්ථකවීම් තිබෙනවා.”

අබුඩාබි පිටියේදී සිය මංගල තරගයට ක්‍රීඩා කළ ඉමාම් හතරේ පහර පහක්, හයේ පහර දෙකක් සමගින් ශතකයක් රැස්කළ අතර ඒ හේතුවෙන් ලකුණු 209ක ඉලක්කය  පහසුවෙන්ම පසුකර යෑමට පාකිස්තානය සමත්විය.

නමුත් මේ ඉනිමේදී ඉමාඩ් වෙනුවෙන් වාසනාවේ කාන්තාවද සිනහ විය. ඒ ඔහු ලකුණු 89ක් රැස්කරගෙන සිටියදී ළහිරු ගමගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් ලබාදුන් අවස්ථාවේදීය.  එහිදී රූපවාහිනී දර්ශන වලින් පෙනුණේ පන්දුව රැක ගැනීමට මත්තෙන් එය බිම පතිත වෙනු ඇති බවයි.

“ එක ශෝක ජනක හැගීමක්. මම මංගල තරගයට ක්‍රීඩා කළේ ඉතින් මම පන්දුව දිහා බැලුවේ නෑ. මම හිතුවේ මම දැවී ගියා කියලා. නමුත් සර්ෆාස් මට ඉඟිකලා පන්දුව  බිම වැටුණා කියා.”

සිය මංගල එක්දින තරගයේදි ශතකයක් රැස්කළ පාකිස්තානයේ දෙවැනි ක්‍රීඩකයා ලෙසත්, ලෝකයේ 13 වැනි ක්‍රීඩකයා ලෙසත් වාර්තා අතරට එක්වීම පළිබඳව තමන් සතුටුවන බව ඉමාම් පවසයි. 1995 වසරේදි සලීම් එලාහි ශ්‍රී ලංකාවට එරෙහිව එවැනි දක්ෂතාවක් දක්වා තිබුණි.

“ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ. මම දෙවැනි ක්‍රීඩකයා කියලා. මම ඒ ගැන ආඩම්බර වෙනවා. ඒ වගේම මම දැවී ගියවිට සර්ෆාස් කිව්වේ එය මට මෙන්ම මගේ රට වෙනුවෙන් ආඩම්බර වීමට අවස්ථාවක් කියලයි. මම උපරිමයෙන්ම මගේ දක්ෂතා දක්වන්න කැපනෙවා.”

සිව්දින තරගවලදී ඔහු දක්ෂතා දැක්වීමට අපොහොස්ත්වීම හේතුවෙන් එක්දින තරගාවලියට ඔහු නම් කිරීම පිළිබඳව විවේචන එල්ල විය. නමුත් ඔහු ඒ සඳහා පිළිතුරු ලබාදීමට සමත්විය.

“ ඒක මට වෙනසක් දැනුනේ නෑ. මම ගොඩනැගුණේ තමන් ගැන විශ්වාස කරන පවුලකිනි. මම කණිෂ්ඨ ලෝක කුසලාන තරගවලට ක්‍රීඩා කර තිබෙනවා. එහිදී දක්ෂතා දක්වා තිබෙනවා. පසුව මට දේශීය තරග සඳහා අවස්ථාවක් ලැබුණා. මම මේ සියල්ල සඳහා පිළිතුරු දෙන්නේ පිත්තෙන්. විවේචන වලට කරන්න දේවල් තිබෙනවා. මම ඒවාට ගරු කරනවා. මම හොඳින් කළේ නැත්නම් මිනිස්සු විවේචනය කරාවි.”

පුදුමයට කරුණ නම් ඔහු කැමති  පිතිකරුවා ඔහුගේ මාමා නොවී යුනිෂ් ඛාන් බවට පත්වීමයි.“මම යුනිස් ඛාන්ට කැමතියි. ඒ ඔහුගේ මානසික ශක්තියට හා තදබවට. ඔහු මහන්සියෙන් වැඩ කරන ක්‍රීඩකයෙක්. යුනිස් එය සිය ක්‍රීඩා දිවිය පුරාවටම පෙන්වූවා.”

මංගල තරගයේදි තමන්ට මලික්ගෙන් හා හෆීස්ගෙන් ලැබුණ සහායට ඔහු ස්තූති කිරීමටත් අමතක නොකළේය. “ මේ කණ්ඩායමේ ඉන්න ෂොයිබ් මලික් හැම කෙනෙකුටම උපකාර කරනවා. ඒ වගේම මම හෆීස්ටත් ස්තූති කරනවා. මට කලබලවීම් තිබුණා. නමුත් මම වැරදි පහරකින් දැවී ගිය හොත් මට ගහනවා කියලයි හෆීස් කිව්වේ. ඔහුත් මට උදව් කළා”

“ පිටියේදී පවා ඔහු මට කිව්වේ මට ශතකයක් රැස්කළ හැකියි කියා. පිතිකරණයට පැමිණීමෙන් පසුව ඔහු මට කිව්වේ ශතකයක් නොමැතිව පිටියෙන් යන්න එපා කියලයි.”

ඉමාම් පවසන්නේ සිය ක්‍රීඩා දිවිය වෙනුවෙන් සිය පියා විශාල බලපෑමක් කළ බවයි. “ මගේ තාත්තා මට විශාල බලපෑමක් කළා. ඔහු මගේ පාසල් කාලයේ සිට මට උදව් කළේ මගේ මම මම ක්‍රිකට් ක්‍රීඩා කරනවට විරෝධය දක්වද්දීයි. ”