අසාර් අලී නොමැති නිසා අහමඩ් ශේෂාඩ්ට කණ්ඩායමට පැමිනීට අවස්ථාව ලැබුණි. © AFP

අසාර් අලී නොමැති නිසා අහමඩ් ශේෂාඩ්ට කණ්ඩායමට පැමිනීට අවස්ථාව ලැබුණි. © AFP

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය සිකුරාදා (ඔක්තෝබර් 13දා) ඩුබායි හි ආරම්භවීමට නියමිතය. ඒ අනුව සුදු පන්දුව භාවිත කරමින් වර්ණ ඇඳුම් සහිතව දෙපිළම එක්දින තරගාවලිය ආරම්භ කරයි.

සීමිත පන්දුවාර තරගාවලියන්හිදී පාකිස්තානය ඉතිහාස ය වෙනස් කළේ එංගලන්තයේ පැවැත ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ඉන්දිය කණ්ඩායම පරාජය කරමින් එහි ශූරතාව හිමිකර ගනිමිනි. ශ්‍රී ලංකාව අවසන්වරට ක්‍රීඩා කළ ඉන්දිය තරගාවලියෙන් දරුණු පරාජයක් ලැබීය. සර්ෆාස් අහමඩ්ගේ ක්‍රීඩකයන් ජුනි මාසයේදී ලබාගත් සාර්ථකත්වය අද ආරම්භවන එක්දින තරගාවලියෙන් ඉදිරියට පවත්වාගෙන යෑමට අපේෂා කරයි.

ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ එක්දින තරගාවලිය 5-0ක් සෙ පරාජයට පත්විය. ඒ ඔවුන් සමග  පැවැති ටෙස්ට් තරගාවලියද ශ්‍රී ලංකාව 3-0ක් ලෙස පරාජයට පත්වීමෙන් පසුවය. එම පරාජය සීමිත පන්දුවාර තරගාවලියෙදීත් ක්‍රියාත්මක විය.ඉන් අනතුරුව පාකිස්තානය හා පැවැති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයගනිමින් ශ්‍රී ලංකාව නැවතත් සිය සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට සමත්විය. ඒ ආරම්භය එක්දින තරගාවලියටත් රැගෙන යාමට ශ්‍රී ලංකාව අපෙක්ෂා කරයි.

පාකිස්තානය හා ශූරයන්ගේ කුසාලන තරගාවලියට ක්‍රීඩා කළ අසාර් අලි හා මොහොමඩ් අමීර් ආබාධ හේතුවෙන් එක්දින තරගාවලියට ක්‍රීඩා නොකරයි. ඒ අනුව අහමඩ් ශේෂාඩ්ට අවසන් 11 දෙනා අතරට පිවිසීමට අවස්ථාව හිමි අතර 22 හැවැරිද ඉමාන් උල් හක්ටද කණ්ඩායමට පැමිණිමට අවස්ථාවක් තිබේ.

“ තරගාවලි රටාව වෙනස් වීමත් සමග අපේ ක්‍රීඩකයනුත් වෙනස් වෙනවා. ඒ අනුව අපේ දෛව්‍ය වෙනස්විය හැකියි”යැයි සර්ෆාස් පැවැසීය. එසේම ෆාහිම් අස්ලාම්, ඉමාම්, උස්මාන් ශින්වාරි හා හැරිස් සොහායිල් පළමු තරගයේදි බංකුවට වි සිටිනු ඇතැයිද මෙහිදි සර්ෆාස් විසින් පැවැසීය.

“ අපිට මේ කණ්ඩායමත් සමගින් ගොඩක් බලාපොරොත්තු තිබෙනවා. අපි ශූරයන්ගේ කුසලානයේදී එක් ඒකකයක ලෙස සංවර්ධනය වුණා. ශ්‍රී ලංකාවත් හොඳ කණ්ඩායමක් ඒ අනුව මෙම තරගාවලිය හෙඳ තරගාවලියක් වේවි”යැයිද පාකිස්තාන නායකයා පවසයි.

ශ්‍රී ලංකාව හා පැවැති ටෙස්ට තරගාවලියට ක්‍රීඩා කළ සෆ්රාස්, සොහායිල්, බාබර් අසාම් හා හසන් අලී පමණක් එක්දින තරගාවලියට එක්වෙනු ඇත. ඒ අනුව මොහොමඩ් හෆීස්ථ ශේෂාඩ්, ශාඩබ් ඛාන්, ෆක්හාර් සාමන් යන ක්‍රිඩකයන් එක්දින තරගාවලියට එක්වෙනු ඇත.

පාකිස්තාන වේග පන්දු යැවීමේ අංශයේද වෙනස්කම් වෙනු ඇත. මොහොමඩ් අමිර් ආබාධයකට ලක්ව තිබේ. ජුනයිඩ් ඛාන් නැවතත් කණඩායමට පැමිණෙනු ඇති අතර දේශීය තරග බිමේදි  ලකුණු 25ට කඩුලු 9ක් දවාගෙන ඇති රුම්මාන් රායිස් හා හසන් සමග වේග පන්දු බලඇණිය ශක්තිමත් වෙනු ඇත.

ටෙස්ට් තරගවලිදී අඛණ්ඩව අසාර්ථක වෙන බාබර් අසාම්ද එක්දින තරගාවලියේදී දක්ෂතා අතරට පිවිසෙනු ඇතැයි පාකිස්තානය අපේක්ෂා කරයි. ඔහු බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට හා එරෙහිව එක්දින ශතක තුනකින් සිය එක්දින දිවිය ආරම්භ කළේය.පසුව ඔහු ඕස්ට්‍රේලියාවේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ශතකයක්ද වාර්තා කිරීමට සමත්විය. පාකිස්තානය ඔහුගෙන් මෙම ඉනිම් නැවතත් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අපේක්ෂා කරයි. හෆී්, ශේෂාඩ් මෙන්ම ශෙයිබ් මලික් සමගින් පාකිස්තානයේ පිතිකරණ අංශය තවදුරටත් ශක්තිමත් වෙනු ඇත.

“අපේ පිතිකරුවන් හොඳ ලකුණු රැස්කරමින් ඉන්නවා. සංයෝගයත් හොඳියි ” යැයි සර්ෆාස් පවසයි. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දිනය තරගාවලිය 5-0ක් ලෙස පරාජයට පත්නොවුණහොත් පමණක් පාකිස්තානය තවදුරටත් එක්දින ශ්‍රේණිගත කිරීම්හි අංක හයේ කණ්ඩායම ලෙස සිය තත්ත්වය ආරක්ෂා කර ගනු ඇත. ශ්‍රී ලංකාව පාකිස්තානය 5-0ක් ලෙස පරාජයට පත්කළහොත් ඔවුන්ට අංක අටේ සිට අංක 6 දක්වා ඉදිරියට පැමිණෙනු ඇත.්‍

මෑත කාලීනව ශ්‍රී ලංකාව එක්දින පිටියේදී දක්ෂතා දක්වා නොමැත. 2014 වසරේදී එංගලන්තය ශ්‍රී ලංකාවේදී පරාජය කිරිමෙන් පසුව ශ්‍රී ලකාව මේ දක්වාම එක්දින පිටියේදී හොඳ කණ්ඩායමක් පරජයයට පත්කර නොමැත. දකුණු අප්‍රිකාවට 5-0, ඉන්දියාවට 5-0ක්, සිම්බාබ්වේට 3-2ක් ලෙස ශ්‍රී ලංකාව එක්දින පිටියේදි පරාජයට පත්ව ඇත. එ අනුව ඒ හරහා ශ්‍රී ලංකා කණ්ඩායමට 2019 ලෝක කුසලානය සඳහා සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාවද අවධානමකට පත්විය. කෙසේ වෙතත් එංගලන්තය හමුවේ කොදෙව් කණ්ඩායම ලැබූ පරාජයත් සමගින් ශ්‍රී ලංකාවට එක්දින ලෝක කුසලානයට සෘජුව  සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවිය. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන්වරට ක්‍රීඩා කර ඇති එක්දින තරග 21න් 16ක්ම පරාජයටපත්ව ඇත.

“අපිට අපේ මූලික දේවල් නිවැරදිව කරනන වෙනවා” යැයි ශ්‍රී ලංකා එක්දින නායක උපුල් තරංග පවසයි.එක්දින පිටියේ කෙටි කාලයක නායකත්වයක් උසුළන තරංග මේ වන විට අවස්ථ දෙකකදි නියිමිත වේලාවට පන්දුවාර යොමු නොකිරිමෙ වරදට තරග තහනමට ලක්ව ඇත. “ පාකිස්තානය ශූරයන්ගේ කුසලානය ජයගත් කණ්ඩායම. ඔවුන් හොඳ කණ්ඩයමක්. තරගාවලි කිහිපයක් පරාජය වුවත් අපි අපි විසින්ම නැගිටිය යුතුයි”

තරංගට පිතිකරුවෙකු ලෙසත් නායකයෙකු ලෙසත් දක්ෂතා අතරට පැමිණීමට සිදුව තිබේ. ඉන්දියාව හා පැවැති එක්දින තරගාවලියේදි තරග දෙකක තහනමට ලක්වූ උපුල් තරංග වෙනුවට චාමර කපුගෙදර හා ලසිත් මාලිංග අවස්ථා දෙකකදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීය.

මාලිංග එක්දින පිටයේදී අසාර්ථකවීම නිසා ඔහුට පාකිස්තාන එක්දින තරගාවලිය අහිමිවී තිබේ. හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් තවදුරටත් අබාධ ලැයිස්තුවේ සිටිනු ඇත.

“  අවාසනාවකට ලසිත් හා  ඇන්ජලෝ නෑ. නමුත් මට කණ්ඩායම ගැන විශ්වාසයක් තිබෙනවා. අපි ටෙස්ට් තරගාවලියේ ලබාගත් ආරම්භය එක්දින තරගාවලියටත් ලබාගත හැකි වෙතැයි විශ්වාස කරනවා” යැයි තරංග පවසයි.

අනෙකුත් එක්දින තරග අබුඩාබි පිටියේදී (ඔක්තෝබර් 16 දා හා 18 දාත්ධ සාජා පිටියේදී (ඔක්තෝබර් 20 දා 23දාත්) පැවැත්වීමට නියමිතය. පසුව කණ්ඩායම් දෙක විස්සයි20 තරග තුනකට ක්‍රීඩා කරනු ඇත. එහි අවසන් තරගය ආරක්ෂාව හොඳ වුවහොත් පාකිස්තානයේ ලාහෝර් නුවර පැවැත්වෙනු ඇත.

PQ

පාකිස්තානය – සර්ෆාස් අහමඩ් (නායක/කඩුලු රකින්නා) අහමඩ් ශේෂාඩ්, ෆක්හාර සාමන්, මොහොමඩ් හෆීස්, බාබර් අසාම්, ශෙයිබ් මලික්, අමාඩ් වසීම්, ශාඩබ් ඛාන්, හසන් අලී, රුමාන් රායිස්, ජුනයිඩ් ඛාන්

ශ්‍රී ලංකාව – උපුල් තරංග (නායක) දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, ණුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ