Dimuth Karunaratne's 196 helped Sri Lanka get to 482 in their first innings. © Getty Images

දිමුත් කරුණාරත්න මේ වන විට සිය රිද්මයේ උපරිමයෙන්ම පසුවෙයි. © Getty Images

දිමුත් කරුණාරත්න  පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 93ක් හා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 196ක් රැස්කරමින් අබුඩාබි තත්ත්තවයන් යටතේ සිය පෞරුෂයේ ඉහළට ගමන් කරමින් සිටියි.

සාමාන්‍යයෙන් ක්‍රීඩකයෙකු සාර්ථකත්වයට පත්වන විට ප්‍රේක්ෂකයන් ඔහුව ඔහුගේ රටේ අනෙකුත් ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් සමග සංසන්දනය කිරිමට කටයුතු කරයි. එය තරමක් ගැටලුවක් වුවත් සංසන්දය කිරීම සාමාන්‍යය තත්ත්වයි. මේ වනවිට දිමුත්ට එය  සිදුවෙමින් පවතී. දිමුත්ට යෑමට තව බොහෝ දුරක් තිබෙන අතර ඔහු ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩක කුමාර් සංගක්කාර හා සංසන්දය කරමින් සිටියි.

නමුත් දිමුත්ට ඒ වෙනුවෙන් කිරීමට බොහෝ වැඩ තිබේ. සංගක්කාර ටෙස්ට් පිටියේදී ලකුණු 11000ක් රැස්කර ඇති අතර දිමුත්ට එය ආසන්නයට පැමිණීමට අවස්ථාව තිබේ.

ශ්‍රී ලංකාවේ බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම දිමුත් කරුණාරත්නද ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ නිශ්පාදනයකි. දිමුත්ගේ ක්‍රිකට් සාර්ථකත්වය හේතුවෙන් ශාන්ත ජෝෂප් විදුහලේ ශිෂ්‍යත්වක් ලැබෙයි. තිසර පෙරේරා හා ඇන්ජලෝ මැතිව්ස් එම පාසලෙන් බිහිවූ ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙති.

ඉදිරිපෙළ පිතිකරු, ඇන්ජලෝ මැතිව්ස් යටතේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කළ අතර පසුව ඔහු ක්‍රමයෙන් ඉදිරියට පැමිණියේය. 2009 වසරේදී ක්‍රීඩා සමාජ මට්ටමින් ලකුණු 1186 ක් වාර්තා කිරීමට දිමුත් සමත්වූයේ ලකුණු 56.54ක සාමාන්‍යයක් සමගිනි. ඒ හරහා ඔහුට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලැබෙයි. ඔහුගේ පළමු සංචාරය දකුණු අප්‍රිකාවට යෙදී තිබුණි. එහිදී ඔහු ලකුණු 184ක ඉනිමක් ක්‍රීඩා කළේ ප්‍රතිවාදී කණ්ඩායමේ වර්නන් පිලැන්ඩර් පන්දු යවන අවස්ථාවකදීය.

ඉන් පසුව වසර තුනක් ඔහු මහන්සියෙන් ක්‍රීඩා කිරිමේ ප්‍රථිඵලයක් ලෙස ශ්‍රී ලංකා  ඒ කණ්ඩායම සමග නැවතත් දකුණු අප්‍රිකා සංචාරයකට එක්වීමට අවස්ථාව ලැබෙයි. එහිදී ලකුණු 150 * හා 83 ක් වාර්තා කිරීමට දිමුත් සමත්වූයේ ශ්‍රී ලංකා හිස්වැස්ම පැළදීමට අවස්ථාව හිමිකර ගනිමිනි. 2012 වසරේදී නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී දිමුත් ටෙස්ට් වරම් හිමිකර ගත්තේය.

අනෙකුත් ක්‍රීඩකයන් මෙන්ම දිමුත්ටද ඉහළ හා පහළ යෑම් සාමාන්‍ය දෙයක් විය. ඔහුට සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරිමට වසර දෙකක කාලයක් බලාගෙන සිටීමට සිදුවිය. සිඩ්නි පිටියේදී මංගල ටෙස්ට් ශතකය වාර්තා කරීමට තිබූ අවස්ථාව ඔහුට අහිමිවිය. ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පන්දු යැවීමේ බල ඇණිය මිචෙල් ජොන්සන්, මිචෙල් ස්ටාක්, නේතන් ලයන් නියෝජනය කරන විට ඔහු ලකුණු 85ක් රැස්කරගෙන සිටින විට ජැක්ජසන් බර්ඩ්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

දිමුත් සිය මංගල ටෙස්ට් ශතකය රැස්කරන්නේ නවසීලන්තයට එරෙහිව ක්‍රයිස්චර්ච් පිටියේදීය. නවසීලන්ත පන්දු යවනන් වූ ට්‍රෙන්ට් බෝල්ට්, ටිම් සවුති හා නෙයිල් වැග්නර් දිමුත්ගෙන් බැට කෑවේය. ඔහු විනාඩි 483ක් පිටියේ රැඳී සිටියත් ශ්‍රී ලංකාව පරාජයෙන් බේරා ගැනිමට නොහැකිවිය.

පසුව ඔහු පාකිස්තානයට එරෙහිව ශතකයක් වාර්තා කළ අතර 2015 වසරේදී ගාල්ලේදී පාකිස්තානයට එරෙහිව ශතකයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමිවිය. නැවතත් ඔහු ගාල්ලේදී කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 186ක් රැස්කළ අතර එය එම කාලයේදී ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.

මේ වසරේදී දිමුත් සිය රිද්මයේ උපරිමයේම පසුවෙයි. ඉන්දියාවට එරෙහිව පැවැති තරගවලියේදී ශ්‍රී ලංකාවේ සාර්ථකම පිතිකරුවා බවට පත්වූ කරුණාරත්න එහි දෙවැනි තරගය පැවැත්වූ එස්.එස්.සී. පිටියේදී ලකුණු 141ක් වාර්තා කිරීමට සමත්විය.

ඔහු පාකිස්තාන සංචාරය ලකුණු 93කින් ආරම්භ කළේය. ඒ අනුව ඔහු පළමු තරගයේදී ශ්‍රී ලංකාවට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවශ්‍ය පදනම යෙදවූ අතර එම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 21ක ජයක්ද ලැබීය. ඩුබායි තරගයේදී දිමුත් සාර්ථක සබඳතා පවත්මින් අලංකාර ඉනිමක් ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමෙ නැංගුරම බවට පත්වෙමිනි.

මේ වසරේදී මේ දක්වා දිමුත් ටෙස්ට් තරග 10කදී ලකුණු 933ක් රැස්කර තිබේ. දකුණු අප්‍රිකාවේ ඩීන් එල්ගාර් (තරග11, ලකුණු 1097) හෂීම් අම්ලා (තරග 11, ලකුණු 942) ට පසුව ඔහු සිටියි. ඒ සෙනසුරාදා වන විටය.

ඔහුගේ ටෙස්ට් දිවියේ තවත් කඩඉයිමක් ඉදිරියේදී පැමිණෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයත් සමගිනි. දඟ පන්දු යවන්නන් වන ආර්. අශ්වින්, රවින්ද්‍ර ජඩේජා හා කුල්දීප් යාදව්ට එරෙහිව දිමුත් කෙලෙස ක්‍රීඩා කරන්නේද යන්න එහිදී දැක ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

එම පරීක්ෂණය සමත්වුවහොත් සාර්ථක ටෙස්ට් ක්‍රීඩකයෙකු බවට පත්වීමට දිමුත්ට ඇති අරමුණ වෙනුවෙන් ගමන් කළ හැකිවෙනු ඇත.