Mohammad Amir has been ruled out of the upcoming ODI series against Sri Lanka. © AFP

ශ්‍රී ලංකාව හා පැවැත්වෙන එක්දින තරගාවලියද ආබාධයක් හේතුවෙන් අමීර්ට අහිමිවිය. © AFP

ශ්‍රී ලංකාව හා ආරම්භවීමට නියමිත එක්දින තරගාවලිය පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර්ට අහිමි වී තිබේ. ඒ ඔහුගේ දකුණු පාදයේ ඇතිවී තිබෙන ආබාධයක් හේතුවෙනි. ඒ අනුව අමීර් වෙනුවට වමත් වේග පන්දු යවන ක්‍රීඩක උස්මාන් ශින්වාරි කණ්ඩායමට කැඳවූ බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය සෙනසුරාදා (ඔක්තෝබර් 07 දා) නිවේදනය කළේය.

ඩුබායි හි පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී පන්දුවාර තුනක් යොමුකළ අමීර් සෙනසුරාදා පිටියෙන් ඉවත්විය.

තරගයේ ආරම්භක දිනයේදි අමීර් ආබාධයකට ලක්විය. අනුව පළමු දිනයේදී පන්දුවාර 17ක් යොමු කිරීමෙන් පසුව අමීර් පිටියෙන් ඉවත්විය. කෙසේ වෙතත් ඔහු දෙවැනි දිනයේදී පන්දු යැවීමට පිටියට පිවිසියත් යොමුකළ හැකිවූයේ පන්දුවාර තුනක් පමණි.

“එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂාවෙන් පසුව වේග පන්දු යවන්නා සති දෙකක සිට තුනක කාලයක් දක්වා විවේක ගැන්විය යුතු බවට වෛද්‍ය උපදෙස් ලැබුණා” යැයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.

අමිර්ට ටෙස්ට් තරගයේ පන්දු යැවීමට හෝ පන්දුවට පහරදීමත් නොකර සිටීමට උපදෙස් ලැබී ඇත.

දෙවැනි දිනයේදී උදෑසන පාකිස්තාන ක්‍රිකට් කළමණාකරු සලීම් සොහායිල්, ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් හා පාකිස්තාන පන්දු යැවීමේ පුහුණුකරු අසාර් මහමූඩ් අමීර්ට දැළ තුළ පන්දු යැවීමට පැවැසුවේ ඔහු තරගයේදී පන්දු යැවීමට පෙරය.  කෙසේ වෙතත් ඔහුට තරගයේදී පන්දු යැවීමට නොහැකිවූ අතර ශ්‍රී ලංකාව ලකුණු 482ක් රැස්කරන විට පාකිස්තාන නායකයාගේ පිඩනය අඩු කිරිමට අමීර් නොහැකිවිය.

පළමු තරගයේදී අමිර්ට කඩුලු දවා ගැනිමට නොහැකිවූ අතර එහිදී ඔහු පන්දුවාර 39ක් යොමුකළේය.එම තරගය ලකුණු 21කින් පාකිස්තානය පරාජයට පත්විය.