© Getty Images

පළමු ඉනිම කනගාටුදායක කරුණක්. එය අපිට විශාල පාඩුවක් වුණා. ඔවුන් හොඳින් ක්‍රීඩා කළා.ලකුණු 622ක් කියන්නේ විශාල අගයක්. © Getty Images

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය පළමු ඉනිමේදීම පරාජයට පත්වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්චිමාල් සඳහන් කළේය. ඉන්දීය කණ්ඩායම ලකුණු 622ක් පළමු ඉනිමට රැස්කළ අතර එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට රැස්කළ හැකිවූයේ ලකුණු 183ක් පමණි. ඒ අනුව ලකුණු 439ක පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිමද ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

“ අපි සම්පූර්ණ වශයෙන්ම තරගයෙන් පිටයි ක්‍රීඩා කළේ. පළමු ඉනිම කනගාටුදායක කරුණක්. එය අපිට විශාල පාඩුවක් වුණා. ඔවුන් හොඳින් ක්‍රීඩා කළා.ලකුණු 622ක් කියන්නේ විශාල අගයක්. එය අපිව ගොඩක් පීඩනයට පත්කළා. නමුත් අපි හිතුවෙන් නෑ ඉක්මනින්ම දැවී යාවි කියා. විකට්ටුව අපි හිතුවාට වඩා දඟ කැවුණා. එය අපි පුදුම කළ කරුණක් වුණා. අපි පළමු ඉනිමේදී ලකුණු 183ට දැවී යාමෙන් පසුව තරගය අපෙන් ගිලිහුණා.”

නමුත් දෙවැනි ඉනිමේදී කුසල් හා කරුණාරත්න ශතක රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 386ක් දක්වා රැගෙන ගියේය.

“අපි දෙවැනි තරගයට ධනාත්මකව යා යුතුයි. කුසල් හා දිමුත් හැකි උපරිමය කළා.  අපි සාකච්ඡා පැවැත්වූවා. මම හිතනවා අපේ හැම කෙනෙක්ම මහන්සියෙන් වැඩ කළා. නමුත් අපේ කඩුලු දැවී ගියා.

ආරම්භක පිතිකරුවෙකු ලෙස දිමුත් සුපිරි ඉිනමක් ක්‍රීඩා කළා. අපි ඔහුගෙන් මෙවැනි ඉනිමක් බලාපොරොත්තුවුණා. පසුගිය වසර තුනක හතරක කාලය බලන විට මේ ඉනිම වඩාත් සුවිශේෂී ඉනිමක් ලෙස හැඳින්විය හැකියි. ඔහු නියමිත ආකාරයට පන්දුව ස්ථාන ගත කලා. ඒ හරහ ඔහු ලකුණු 140ක් රැස්කළා.”

තරගයේදී වැඩි වශයෙන් ස්වීප් පහර එල්ල කිරීමට හේතුවද චන්දිමාල් මෙහිදී පැහැදිලි කළේය.

“ දෙවැනි දවසෙන් පසුව අපි හිතුවා මේ විකට්ටුව පන්දුවට පහරදීමට අපහසු බව. අපි කෙලින් පන්දුවට පහර දෙන්න උත්සාහ කළත් ලකුණු ආවේ නෑ.  දෙවැනි ඉනිමට පෙරාතුව අපි සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ හරහා අපි තීරණය කළා ලකුණු රැස්කිරීමට හොඳම ස්වීප් හා රිවර්ස්විප් පහර එල්ල කිරීම බව. අපි එය නිවැරදිව දෙවැනි ඉනිමේදී  කළා.”

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන ණුවන් ප්‍රදීප් ආබාධයකට ගොදුරු විය.

“ ඔහු සති දෙක තුනකට ක්‍රිකට් පිටියට එන්නේ නෑ.  අපිට එක වේග  පන්දු යවන්නෙකු සමග ක්‍රීඩා කරිම අපහසු දෙයක්. මෙහිදි අපි තීරණය කළේ විකට්ටුව අනුව එක් වේග පන්දු යවන්නෙකු යොදවා ගන්නයි. ඒකයි අපේ සැලැස්ම වුණේ. නමුත් අවාසනාවකට ඔහු ආබාධයකට ලක්වුණා.  ”

“ණුවන් ප්‍රදීප් හා සුරංග ලක්මාල් පල්ලෙකැලේ ටෙස්ට් තරගයට නොමැතිවිම අපිට විශාල පාඩුවක්. අපි තවමත් තේරීම ගැන තිරණයක අරගෙන නෑ. අපි තේරීම් කමිටුව හා සාකච්ඡා කර තිරණය ගන්නවා. ”

ආබාධයක් හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ට පන්දු යැවීමට නොහැකිවීම කණ්ඩායමට විශාල  පාඩුවක් බව චන්දිමාල් සඳහන් කරයි.

“  ඔහු පසුගිය අවුරුදු පහ හයේදී කණ්ඩායමට හොඳ සමබරතාවක් දුන්නා. අපි හොඳ සංයෝගයක් හදා ගනිත්දී මැතිව්ස්ට පන්දු යැවීමට නොහැකිවීම පාඩුවක්.”