Rangana Herath, Dinesh Chandimal

ඉන්දියාව සමීපව ආක්‍රමණය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් පවතී. ශ්‍රී ලංකාවට බොහෝ වාසිදායක පිටියක තරගය පැවැත්වෙයි. © Getty Images

දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිත  එස්.එස්.සී. පිටිය අද (01) වන විට අනුග්‍රාහකයන්ගේ දැන්වීම් වලින් වර්ණ ගන්වා තිබුණි. තවත් යාර 22ක පමණ තරුවන් සඳහා ජලය එක්කරමින් තිබුණි. තරගයේ ප්‍රතිඵලය ගැන තිබෙන්නේ අවිශ්චිත තත්ත්වයකි. නමුත් ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාවද මෙම තරගයට පැමිණෙන්නේ සමාන අවස්ථා ඇතිවය. නමුත් අවසානයේදි සිටින්නේ එක් ජයග්‍රාහකයෙකි. ලෝකයේ අංක එකේ කණ්ඩායමට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තරමක පසුබෑමකින් සිටියි.

මෙම තරගයේදී ඉන්දියාව සමීපව ආක්‍රමණය කිරිමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබේ. තරගය පැවැත්වෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක වාසිදාය පිටියකය. සවස් වරුවෙත් කණ්ඩායම් කාර්ය මණ්ඩලය සිය කාර්යයන් ඉටුකරමින් තිබුණේය.

පිටිය තුළ ඝන තණකොල තට්ටුවක් තිබුණත්. විකට්ටුව දිස්වූයේ සහරා කාන්තාරය මෙනි. විකට්ටුවේ වියළි සවාභාවය නිසා බොහෝ විට දඟ පන්දු යවන්නන් දෙපිළම ගාලු පිටියේදි යොදාගත්තාට වැඩියෙන් යෙදාගනු ඇත.

ගාලු පිටිය පළමු ටෙස්ට් තරගයේදී වැඩියෙන් කතාබහට ලක්නොවුණි. ඉන්දීය පන්දු යවන්න් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් ගාල්ලේදී කටයුතු කළේ තරගය ජයග්‍රහණය කිරීමට වඩා තරගය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජයපරාජයෙන් තොරව අවසන් කර ගැනීම සඳහා පන්දුවට පහරදෙන අයුරුයි.  ගාල්ලේදී දඟ පන්දු යවන්නනට යමක් කිරීමට නොහැකිවීම  පුදුමයට කරුණයක් විය. ගාල්ලේදී දඟ පන්දු යවන්නන් බොහෝ විට සාර්ථක විය. එහි වාසිය බොහෝ විට ශ්‍රී ලංකාවට තිබුණි. කොළඹට පැමිණි විට ශ්‍රී ලංකා කණ්ඩායම මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙයි. එමෙන්ම ගාල්ලේදී ශ්‍රී ලංකාව දඟ පන්දු යවනන්න ගැන විශ්වාස කළා නම් ඉන්දියාවට ලෝකයේ මුල් ස්ථාන දෙක තුළ සිටින දඟ පන්දු යවන්නන් දෙදෙනා සිටියත් ශ්‍රී ලංකාවට සටනක් දිය හැකිව තිබුණි.

පසුගිය වසරේදී ඉන්දීය කණ්ඩායම කණ්ඩායමේ ක්‍රීඩා විලාශය වෙනස් කිරිමට අදාළ තීරණ නොගත්තේය. ඔවුන් තමන්ගේ ආකාරයට වැඩි කළ අතර ස්වෝත්සායහෙන් නැගී සිටියේය. ඉන්දියාවේ පළමු පෙළ තරගාවලියේ වාසියද ඔවුන් ලබාගත්තේය. ඔවුන් ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පුනේහිදී ලකුණු 333ක ජයක් ලබා ගැනීමටත් සමත්විය.

මෙම තරගයේදී අවසන් 11 දෙනාට ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල්ට තිබේ. ගාලු ටෙස්ට් තරගය ඔහුට අසනීප තතත්වයක් හේතුවෙන් අහිමිවිය. රාහුල්ගේ  පැමිණීම කණ්ඩායමේ පිතිකරණ ශක්තිය තවදුරටත් වර්ධනය කරනු ඇත. නමුත් ඔහුගේ පැමිණීම හේතුවෙන් ශිකර් දවාන්ට හා අභිනව් මුකුන්ඩ්ට ගැටලුවක් ඇතිවෙනු ඇත. පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දිය කණ්ඩායම වාර්තා ගත ලකුණු 304ක ය් ලබාගත් අතර එහිදී පළමු  ඉනිමේදී වේගවත් ශතයක් රැස්කිරීමට දවාන් සමත්විය.

© BCCI

දෙවැනි ටෙස්ට් තරගයේදී අවසන් 11 දොනාට එක්වීමට ලෝකේෂ් රාහුල්ට අවස්ථාවක් ඇත. © BCCI

ඔහු පන්දු 168කදී ලකුණු 190ක් රැස්කිරීමට සමත්විය. අනෙනක් අතින් දෙවැනි ඉනිමේදී ඉන්දියාවට අවශ්‍යම තිබූ තවත් ලකුණු 81ක් අභිනව් මුකන්ද් රැස්කළ අතර පිටියේදී පන්දු රැකිමේදි ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම් තීරණාත්මක කඩුලු දෙකක් සඳහා දායකත්වයද ලබාදුන්නේය.

අනෙක් අතින් ඉන්දීය කණ්ඩායම මෙම තරගයේදී වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් යොදාගැනීමටත් අවස්ථාවක් තිබේ. ඒ අනුව ඔහුට සිය දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් උදාවෙනු ඇත. නමුත් ඉන්දීය කණ්ඩායම මේ පිළිබඳව අවසන් තීරණය ගනු ඇත්තේ විකට්ටුව සළකා බැලීමෙන් පසුව වන අතර අශ්වින් හා ජඩේජා සිටියදී තවත් අමතර දඟ පන්දු යවන්නෙකු අවශ්‍ය දැයි ඔවුන් තීරණය කරනු ඇත. ඉන්දියාව එස්.එස්.සී. ටෙස්ට් තරගයට පිවිසෙන්නේ එය ජයග්‍රහණය කරමින් තරගාවලියේ ජය ලබාගැනීමේ අරමුණිනි. නමුත් ශ්‍රී ලංකාව මේ වෙනුවෙන් උපරිම සටනක් දෙනු ඇත. විරාත් කෝලි පළමු ටෙස්ට් තරගයෙන් පසුව කණ්ඩායමේ ඉහළ නංවාගත යුතු ක්ෂේත්‍ර පිළිබඳව කතා කළේය. ඒ අනුව එම වැරදි හා අඩුපාඩු අවම කරමින් ඔවුන් දෙවැනි ටෙස්ට් තරගයේද ක්‍රීඩා කරනු ඇත.

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට නායක දිනේෂ් චන්දිමල් සමග තරග කරනු ඇත. ගාල්ලේදී ආබාධයකට ලක්වූ රංගන හේරත්ද තරගයට ක්‍රීඩා කරනු ඇත. ගාල්ලේදී වම් අතේ මාපටගිල්ලේ ආබාධයට ලක්වූ රංගන හේරත් පිළිබඳව තිබූ සියලු සැක සහිත තත්ත්වයන් චන්දිමාල් අවසන් කළේ ඔහු තරගයට සූදානම් බව නිවේදනය කරමිනි

අසේල ගුණරත්න ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුගේ ස්ථානයට ධනන්ජයද සිල්වා පැමිණෙනු ඇති බවට චන්දිමාල් ඉඟි කළේය.පළමු පෙළ තරගවලදී කඩුලු  550ක් දවාගෙන ඇති මිලින්ද පුෂ්පකුමාරද අවසන් 11 දෙනාට යොදා ගැනීම පිළිබඳව චන්දිමාල් කැමැත්තෙන් සිටින  බව දැක ගැනීමට හැකිවිය.

දෙවැනි ටෙස්ට් තරගයේදී කණ්ඩායමේ සිටින ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු යොදා ගනිමින් විශේෂ සැලැස්මක් දෙවැනි තරගය වෙනුවෙන් සකස් කිරීමට සිදුවෙනු ඇත. එසේම ගාලේලේදී ඉන්දියාවට එරෙහිව 2015 වසරේදි ලකුණු 162ක් රැස්කර චන්දිමාල් දැක්වූ දක්ෂතාව මෙම තරගයේදීත් දැක්වීමට සිදුවෙනු ඇත. එසේ නොමැතිවුවහෝත් පල්ලෙකැලේ තරගය හුදෙක්ම ප්‍රදර්ශනාත්මක තරගයක් පමණක්ම වෙනු ඇත.

ක්‍රීඩා කළ හැකි කණ්ඩායම්

ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් (නායක), ඇන්ජලෝ මැතිව්ස්, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා) ඩිල්රුවන් පෙරේරා, රංගන හේරත්, ණුවන් ප්‍රදීප්, මලින්ද පුෂ්පකුමාර

ඉන්දියාව – ලෝකේෂ් රාහුල්,  ශිකර් දවාන්, චෙටෙස්වාර් පුජාරා, විරාත් කෝලි, අජින්කේ රහානේ, ආර්. අශ්වින්, රිද්දිමාන් සහා (කඩුලු රකින්නා) හර්දික් පාණ්ඩ්‍යා, රවීන්ද්‍ර ජඩේජා, මොහොමඩ් සාමි, භුවනේෂ්වර් කුමාර්, කුල්දීප් යාදව්, උමේෂ් යාදව්, අභිනව් මුකන්ද්, ඉශාන්ත් ශර්මා, රොහිත් ශර්මා