“ අපි ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරන විට ලොකු ලකුණු කරා යන්න බැරිවුණා. ඒක තමයි වෙනස. ඒකට කමක් නෑ කාලයත් සමගින් අපිට එය කළ හැකියි.” © AFP

“ අපි ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරන විට ලොකු ලකුණු කරා යන්න බැරිවුණා. ඒක තමයි වෙනස. ඒකට කමක් නෑ කාලයත් සමගින් අපිට එය කළ හැකියි.” © AFP

බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 28දා) පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර අබුඩාබිහි ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ ආරම්භක දිනයේදි තරුව බව පත්වූයේ දිමුත් කරුණාරත්නයි. ලකුණු හතකින් ශතකය අහිමිවූ කරුණාරත්නට ඒ පිළිබඳව කනගාටුවක් නොමැති අතර ඔහු කණ්ඩායමට ලබාදුන් පදනම පිළිබඳව සතුටුවෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය කඩුලු 4ට ලකුණු 227ක් රැස්කළේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න රැස්කළ ලකුණු 93ත් සමගිනි. ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය වීමෙන් පසුව පැවැත්වෙන පළමු ටෙස්ට් තරයේදී දිනේෂ් චන්දිමාල් 60ක්, නිරෝෂන් දික්වැල්ල 42ක් නොදැවී රැස්කරමින් ශ්‍රී ලංකාවේ දක්ෂතා වර්ධනය කළේය.

“ අපි ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරන විට ලොකු ලකුණු කරා යන්න බැරිවුණා. ඒක තමයි වෙනස. ඒකට කමක් නෑ කාලයත් සමගින් අපිට එය කළ හැකියි.” යැයි කරුණාරත්න සඳහන් කරයි.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් කරුණාරත්න හා කෞෂාල් ලකුණු 34ක් රැස්කළේය. කෙසේ වෙතත් දිවා ආහාරය වෙන විට නැවතත් පාකිස්තානය සටන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 3ට ලකුණු 61ක් බවට පත්කළේය.

ඒ අනුව කරුණාරත්නට කණ්ඩායමේ නැංගුරම බවට පත්විමට සිදුවූ අතර සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ඔහු නායක චන්දිමාල් සමග එක්ව ලකුණු 100ක සබඳතාවක්ද පැවැත්වීය. නමුත් ඔහු අවාසනාවන්ත ලෙස දුවද්දි දැවී යාමකට හසුවිය.

“ ඔබ ක්‍රිකට් ක්‍රීඩා කරන විට මේ වගේ දේවල් වෙනවා. එය ක්‍රීඩාවේ අංගයක්. ඒක ඔහුගේ වරද නෙමෙයි. මගෙත් වරද. ඉදිරියට යන්න ගියේ වැඩිය සිතීමකින් තොරවයි”

ඒ අනුව ඔහුට හත්වැනි ශතකයත්, පාකිස්තානයට එරෙහිව අඛණ්ඩව දෙවැනි ශතකයත් රැස්කිරීම තිබූ අවස්ථාව දුවද්දී දැවී යාම නිසා අහිමි විය.

“ අපිට ලකුණු 350-400ක් රැස්කළ හැකිනම් එය හොඳ ලකුණු සීමාවක්. ඒක පහසු නෑ. මම හිතන්නේ නෑ දික්වැල්ල මේ විකට්ටුවේදී ගැටලුවකට පත්වේවි කියා. ඔහු ඔහුගේ සාමාන්‍ය ක්‍රීඩා රටාව ක්‍රීඩා කරාවි. අපට ලකුණු 300 ඉක්මවා යන්න පුළුවන් වුණොත් හොඳයි.”

ඔහු හොඳ ඉනිමක් ක්‍රීඩා කළත් තණ තීරුව ඉතාමත් අපහසු බව පවසයි. “ අපි පළමු පැයේදි හොඳින් කළා. නමුත් ඉන් අනතුරුව කඩුලු දෙකක් දැවී ගියා. නමුත් දෙවැනි කාර්තුවේදී අපි නැවතත් එය කළමනාකරණය කර ගත්තා. ඒක පිතිකරණයේ යෙදීමට පහසු විකට්ටුවක් නොවේ. ලකුණු පහසුවෙන් ලබාගන්න බෑ. ඔබට දුර්වල පන්දු එනකම් බලා සිටීමට සිදුවෙනවා. අපිට පන්දු යවන්නන් ගොඩක් වෙලා තබාගන්න පුළුවන් වුණොත් ලකුණු ලබාගැනීමට අවස්ථාවක් තිබෙනවා”

පාකිස්තානයේ වේග පන්දු යවන්නන් තිදෙනාගේ පන්දු යැවීම අගය කිරමටත් කරුණාරත්න අමතක නොකළේය. “ ඔවුන් නියමිත ස්ථානයට පන්දුව යොමුකළා. අපිට පීඩනයක් ගෙන දුන්නා. හැම පන්දු රකින්නෙක්ම ආසන්නයේ සිටියේ. අපිට හොඳින් පන්දුවට පහරදිමට සිදුවුණා. අපි කළේ දුර්වල පන්දුවට පහරදීමත් අනෙකුත් පන්දු වලට ලකුණ ලකුණ ලබාගැනීමටත්”

මෙහිදී කරුණාරත්න හෙළිකළ කරුණක් වූයේ ඔහු යසීර් ෂා ඉලක්ක කරගෙන පහරදීමට සැලසුම්කර තිබූ බවයි. පාකිස්තානයේ අංක එකේ දඟ පන්දු යවන්නා වන ෂා 2015 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරග තුනේදී කඩුලු 24ක් ඔහු දැවා ගැනීමට සමත්විය.

“ ඔහු ආවේ ශාරීරික යොග්‍යතා පරීක්ෂණයකින් පසුවයි. පසුගිය මාස කිහිපයෙදී ඔහු හොඳින් පන්දු යවා තිබුණේ නෑ. එක පන්දු යවන්නෙකුට පමණක් නෙමෙයි අපි හැම පන්දු යවන්නෙක් වෙනුවෙන්ම සැලසුම් සකස් කළා. අපිට ධනාත්මකව ක්‍රීඩා කිරීමට සිදුවුණා. මම පහුණුකරුට කීවේ මම ෂාට පහර දෙන බවයි. ඔවුන්ගේ ප්‍රධාන පන්දු යවන්නාට එරෙහිව ලකුණු රැස්කළ විට මට පාකිස්තානයට පීඩනයක් එල්ල කිරීමට අවස්ථාවක් තිබුණා” යැයි ඔහු පැවැසිය.

තවත් ලකුණු 150ක් රැස්කළ හොත් ශ්‍රි ලංකාවට හොඳ අවස්ථාවක් තිබන බව කරුණාරත්න පවසයි. “ අපිට ලකුණු 350-400ක් රැස්කළ හැකිනම් එය හොඳ ලකුණු සීමාවක්. ඒක පහසු නෑ. මම හිතන්නේ නෑ දික්වැල්ල මේ විකට්ටුවේදී ගැටලුවකට පත්වේවි කියා. ඔහු ඔහුගේ සාමාන්‍ය ක්‍රීඩා රටාව ක්‍රීඩා කරාවි. අපට ලකුණු 300 ඉක්මවා යන්න පුළුවන් වුණොත් හොඳයි. දැන් විකට්ටුව දඟ කැවෙනවා. අපිට හොඳ දඟ පන්දු යැවීමේ බල ඇණියක් සිටිනවා. ඉතින් ඔවුන්ට පීඩනයක් එල්ල කරන්න අපිට පුළුවන්.”