කලවයේ ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක නුවණ් ප්‍රදීප්ට ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලිය අහිමිවී තිබේ. © AFP

අසේල ගුණරත්නගෙන් පසුව ඉන්දීය තරගාවලිය අහිමිවන දෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට ණුවන් ප්‍රදීප් පත්විය.

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිටින ප්‍රධානම වේග පන්දු යවන්නා වූ ණුවන් ප්‍රදිප් ඊයේ (03දා) ආබාධයකට ලක්විය. තරගයේ 18 වැනි පන්දුවාරයේදී ඔහු කලවයේ ආබාධයකට ගොදුරු විය. ඊයේ සවස ශ්‍රී ලංකා වැඩබලන පුහුණුකරු නික් පෝතාස් සඳහන් කළේ අද උදයේදී ප්‍රදීප්ගේ ආබාධය පිළිබඳව තිරණයක් ගන්නා  බවයි.

අද සවස කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී දිමුත් කරුණාරත්න සඳහන් කළේ ආබාධය හේතුවෙන් ණුවන් ප්‍රදීප්ට මාසයක හෝ දෙකක කාලයක් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවෙනු ඇති බවයි.

ඊයේ දිනයේදි ඔහු ආබාධය හේතුවෙන් පිටියෙන් ඉවත්වන විට පන්දුවාර 17.4-2-3-0 ක් ලෙස යොමුකර තිබුණි. පළමු තරගයේ පළමු ඉනිමේදී ඔහු ලකුණු 132ට කඩුලු 6ක් දවාගැනීමට සමත්විය. එහිදී ඉන්දීය කණ්ඩායම ලකුණු 600ක් රැස්කළ අතර ශ්‍රී ලංකාව තරගය ලකුණු 304කින් පරාජයට පත්විය.

ශිකර් දවාන් ලබාදුන් උඩපන්දුවක් රැක ගැනීමට උත්සාහ කිරීමේදි අසේල ගුණරත්නගේ වම් අතේ මාපටගිල්ල බිඳීමකට ලක්වූ අතර ඔහුට සති 8ක් ක්‍රිකට් පිටිය අහිමිවී තිබේ.