“අවසන් තරගයට අපි ක්‍රීඩා කළ ආකාරයෙන් අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තිබුණා. අපි ඒ වැරදි නැවත නැවතත් නොකිරීමට කටයුතු කරනවා” යැයි ආර්. ශ්‍රීධර් පවසයි. © AFP

“අවසන් තරගයට අපි ක්‍රීඩා කළ ආකාරයෙන් අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තිබුණා. අපි ඒ වැරදි නැවත නැවතත් නොකිරීමට කටයුතු කරනවා” යැයි ආර්. ශ්‍රීධර් පවසයි. © AFP

ඉන්දීය පන්දු රැකීමේ පුහුණුකරු ආර්. ශ්‍රීධර් පවසන්නේ ඉන්දියාව උඩපන්දු රැකගැනීමේ අංශය තුළ තවදුරටත් විශේෂීකරණය විය යුතු බවයි.

ටෙස්ට් තරගාවලියේදී පුජාරා, කෝලි හා රහානේ එක් එක් ස්ථානයේ පන්දු රැකීමෙන් දක්ෂතා දැක්වීය. ඔවුන් තිදෙනා අතරින් රහානේ හා පුජාරා වැඩියෙන් දක්ෂතා දැක්වුවත් ඉන්දීය නායකයා තරමක් ගැටලුවකට පත්ව  සිටියි. ලෝකේෂ් රාහුල් විකට්ටුව සමීපයේ පන්දු රැකීමේදී දක්ෂතා දක්වයි. නමුත් නිමාව දුටු ටෙස්ට් තරගාවලියේදී ඔහුට සමීප ස්ථානයක් හිමිනොවුනි.

එක් එක් ක්‍රීඩකයන්ට විවිධ සැලසුම් තිබියදී  කණ්ඩායමක් ලෙසත් තනි තනි ක්‍රීඩකයන් ගැනත් අවධානය යොමුකර ඇති ශ්‍රීධර් ඒ  ඒ ක්‍රීඩකයන් වෙනුවෙන් සවිශේසී ස්ථාන හඳුන්වාදෙමින් ඔවුන්ව දිගු කාලීන තරග රටා වලදී සූදානම් කිරීමට කටයුතු කරමින් සිටියි. නමුත් එය සීමිත පන්දුවාර තරගවලදී දැකගත නොහැකිය.

ශ්‍රී ලංකාව හා පැවැති තෙවැනි එක්දින තරගයට පෙරාතුව පල්ලෙකැලේදී පැවැසුවේ ඉන්දියාව එක්දින තරග වලදී පන්දු රැකීම තවදුරටත් වර්ධනය කර ගත යුතු බවයි.

“ ඇත්ත වශයෙන්ම (අපි විශේෂීකරණය වූ ස්ලිප් ක්‍රීඩකයන් හඳුනා ගැනීමේ අදියරයේ ඉන්නේ).” යැයි ශ්‍රීධර් පවසයි. “පන්දු යැවීමේ හා පිතිකරණයේදි මෙන් අපි පන්දු රකිනන්න් ලෙසත් විශේෂීකරණය විය යුතුයි. මොකද පන්දු රකීම ප්‍රධාන අංගයක් ලෙස සලකනවා. අපිට ඒ ඒ ස්ථාවල විශේෂිකරණය වූ පන්දු රකින්නන් අවශ්‍යයි. ”

“අපි පන්දු රැකීමේ අංශයක් ලෙස දක්ෂතා දක්වා තිබෙනවා. නමුත් ගැටලු ඇති වෙන්නේ පුළුවන්. ඒක තමයි ස්වාභාවය. නමුත් අපේ පන්දු රැකීමේ ශක්තිය පිළිබඳව අපි ආඩම්බර වෙනවා. විරාත් මේනම රවී ශාස්ත්‍රිත් හිතන්නේ කඩුලු රකින්නාත් සමග හොඳම පන්දු රකින්නන් 10 දෙනා පිටියට පිවිසුණා කියලයි”

ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරග රටා තුන තුනම දැන් එක් මහා සමානව පැවැත්වෙයි. තනි තනියෙන් ගත් විට එය තරමක් අසීරු අවස්ථාවකි. “ඒක තමයි මේ දවස්වල  තිබෙන අභියෝගය. අපිට තරග රටා තුනක් තිබෙනවා. දින තුනක් ඇතුළත එක් තරග රටාවකින් තවත් තරග රටාවකට යොමුවිය යුතුයි. ඒ වගේම ටෙස්ට් තරගවල සිට එක්දින හා විස්සයි20 තරග රටාවට පැමිණෙන විට පුද්ගලයන් වෙනස් වෙනවා.  මොකද නව ක්‍රීඩකයන් කණ්ඩායමට එන විට අපි ඔවුන් ගැනත් ඔවුන්ගේ කාර්යය ගැනත් අවධානය යොමුකළ යුතු වෙනවා.  ”

“ මේ හැම අවස්ථාවකම අපිට ලෝකයේ හොඳම පුහුණුකරුවන්ගේ කණ්ඩායමක් ඉන්නවා. අපේ ඉලක්කය හොඳ දේවල් කරමින් ලෝකයේ ඉදිරියට යන්නයි.”

පිටිය තුළ ඉන්දියාවේ පන්දු රැකීම් පිළිබඳව තවමත් වගකීම පැවැරී ඇත්තේ හිටපු නායක එම්.එස්. දෝනිටය. කෝලි පන්දු යවන්නන් වෙනස් කිරීම සිදුකරයි. ඉන්දීය කණ්ඩායම පන්දු රැකීමේ වෙනසක් කරන විට නව නායක කෝලි දෝනිගේ අදහස් ලබා ගන්නා අයුරු තවමත් පෙනෙන්ට තිබේ.

සුපිරි දක්ෂතා දක්වන ක්‍රීඩකයෙකු ලෙස දෝනි කණ්ඩායමට වත්කමකි. නමුත් ඔහුගේ කාර්යය එතනින් පමණක් අවසන් නොවේ. දෙවැනි තරගදේයී නොදැවී ලකුණු 45ක් ලබාගෙන ඉන්දියාව ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීම හේතුවෙන් දෝනිගේ කාර්යය පිළිබඳව බොහේ දෙනෙකු කතා කිරමට පටන් ගෙන තිබේ. බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ පිත්තෙන් දෝනි දක්වන දක්ෂතා හායනය වී ඇති බවයි.

එසේම තවත් අතලෝස්සකට ඔහුගේ කඩුලු රැකීම පිළිබඳවද ගැටලුවක් තිබේ. මේ සිය ශාරීරික යෝග්‍යතාව හා ඔහුගේ කලාව අනුව දෝනිට ඉදිරියේදී අවධානය යොමුකළ යතු කරුණයි.

“ ඔහු 100%ක්ම ලෑස්තියි. ඔහු තමාට එල්ල වී තිබූ සියලු ගල් පහරවන් අනිත් පැත්තට හරවමින් තවමත් සෑම තරගයකදීම දක්ෂතා දැක්වීමට සූදානම් බව පෙන්වූවා. ඔහු ඔහුගේ ශරීරය ගැන හොඳින්ම දන්නවා. ඒ අනුව ඔහු කළ යුත්තේ කුමක්ද කියාත් දන්නවා. ඔහු එවැනි වෘත්තිකයෙක්. ඔහු තවදුරටත් කොපමණ කණ්ඩායමට වැදගත් කියා පෙන්වා අවසන්. මට කියන්න පුළුවන් මෙච්චරයි ‘මිලකළ නොහැකියි’ ”

ඒ දෝනි හා භුවනේෂවර් කුමාර් අටවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු  ලකුණු 100ක සබඳතාවක් පවත්වා ලකුණු 131/7ක් ලෙස පැවැති තරගය ජයග්‍රහණය කිරීමට සමත්වීම නිසා පමණකි නොවේ. “අවසන් තරගයට අපි ක්‍රීඩා කළ ආකාරයෙන් අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තිබුණා. අපි ඒ වැරදි නැවත නැවතත් නොකිරීමට කටයුතු කරනවා””