© Getty Images

හසන් අලී ලකුණු 34ට කඩුලු 5ක් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 208ට සීමා කළේය. © Getty Images

හසන්  අලීගේ එක්දින ක්‍රීඩා දිවියේ හොඳම පන්දු යැවීමත්  5/34, තම මංගල තරගයට ක්‍රීඩා කරමින් ශතකයක් රැස්කළ ඉමාම් උල් හක්ගේ සුවිශේෂී ඉනිමත් හේතුවෙන් අබුඩාබි හි බදාදා (ඔක්තෝබර් 18දා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු හතක ජයක් ලබාගත් පාකිස්තාන කණ්ඩායම තරග පහකින් යුත් එක්දින තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී ජයගත්තේ 3-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ලබාගනිමිනි.

තම එක්දින දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කළ හසන් ලකුණු 34ට කඩුලු 5ක් දවාගත්තේ එක්දින පිටියේ සිය දෙවැනි කඩුලු පහ ලබාගනිමිනි. ඒ හරහා ශ්‍රී ලංකාව පන්දුවාර 48.2කදී ලකුණු 208කට සීමා කාරීමට පාකිස්තානය සමත්විය. ඉමාම් පන්දු 125ට ලබාගත් ලකුණු 100ත් සමග පාකිස්තානය ඉලක්කය පන්දුවාර 42.3කදී පසුකර ගියේය.

මෙය පාකිස්තාන කණ්ඩායම අඛණ්ඩව ලබාගත් හත්වැනි එක්දින තරග ජයග්‍රහණය වෙයි.  එසේම ශ්‍රී ලංකාව එක්දින පිටියේ ලැබූ අඛණ්ඩ 9 වැනි පරාජයද මෙය වෙයි. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලිය 3-2ක් ලෙස පරාජය වීමත් සමගින් ශ්‍රී ලංකාවේ පරාජිත ගමන ආරම්භ විය.

පාකිස්තාන තේරීම් කමිටු සභාපති ලෙස ඉන්සමාම්  උල් හක් කටයුතු කරන හෙයින් ඉමාම් උල් හක්ගේ තේරීම බොහෝ දෙනෙකු විවේචනයට බඳුන් කළේය. ඒ ඉමාම් උල් හක්ගේ මාමා ඉන්සමාම් උල් හක් වීම හේතුවෙනි. නමුත් තම තෝරා ගැනීමට සාධාරණය ඉටුකළ ඉමාම් හතරේ පහර පහක්, හයේ පහර දෙකක් සමගින් පන්දු 125කදී සිය ශතකය සම්පූර්ණ කළේය.

වේගවත්ම එක්දින කඩුලු 50 ලබාගත් ක්‍රීඩකයන්.

 

ක්‍රීඩකයා

කණ්ඩායම තරග
අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකාව 19
අජිත් අගාකර් ඉන්දියාව 23
මිචෙල් මැක්ලෙනහැන් නවසීලන්තය 23
ඩෙනිස් ලීලේ ඔස්ට්‍රේලියාව 24
හසන් අලී පාකිස්තානය 24
ෂේන් වෝන් ඔස්ට්‍රේලියාව 25
මැට් හෙන්රි

 

නවසීලන්තය 25
ලෙන් පැස්කෝ

 

ඔස්ට්‍රේලියාව 26
පැට්‍රික් පැටර්සන්

 

කොදෙව් 26
කර්ට්ලි ඇම්බ්‍රෝස්

 

කොදෙව් 26

 

එසේම තරගයේ වාසනාවද ඉමාම් හා පැවැතිණු. ඔහු ලකුණු 89ක් රැස්කගෙන සිටියදී ළහිරු ගමගේගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් ලබාදුන්නත් තෙවැනි විනිසුරුගේ තීරණය වූයේ නිරෝෂන් දික්වැල්ල පන්දුව රැක ගැනීමට පෙරාතුව එය පිටියේ වැදෙන බවයි.

ඉමාම් ශතකය ලබාගැනීමෙන් පසුව ක්‍රීඩා කළ දෙවැනි පන්දුවේදී ඔහු දැවී ගියේය. ඒ තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් ලබාදෙමිනි.

සිය මංගල එක්දින තරගයේදී ශතකයක් ලබාගත් දෙවැනි පාකිස්තාන ක්‍රීඩකයා ලෙසින් ඉමාම් වාර්තා අතරට එක්විය. 2005 වසරේදී සලිම් එලාහි ගුජ්රාවාලාහිදී ශ්‍රී ලංකාවට එරෙහිවම එම දක්ෂතා දක්වා තිබුණි. එසේම එක්දින පිටියේදී මංගල තරගයේදී ශතකයක් රැස්කළ ලෝකයේ 13 වැනි ක්‍රීඩකයා ලෙසින්ද ඉමාම් වාර්තා අතරට එක්විය.

ඉමාම් හා ෆක්හාර් පළමු කඩුල්ලට ලකුණු 78ක සබඳතාවක් පවත්වමින් පාකිස්තානයට පදනම දැමූ අතර ෆක්හාර් සාමන් ලකුණු 29ටත්, බාබර් අසාම් ලකුණු 30ටත් දැවී ගියේය.

ඒ අනුව පාකිස්තාන ඉනිම ඉනිම 144/2ක් ලෙස දිස්වූ අතර මොහොමඩ් හෆීස් පන්දු 52ක දී නොදැවී රැස්කළ ලකුණු 34ක් හා ඉමාම් පාකිස්තානය ජයග්‍රාහී මාවතට ගෙන ආ අතර ජයග්‍රහණය සඳහා ලකුණු 6ක් ඉතිරිව තිබියදී ඉමාම් දැවී ගියේය.

https://twitter.com/TheRealPCB/status/920724379507535872/photo/1?ref_src=twsrc%5Etfw&ref_url=http%3A%2F%2Fwww.wisdenindia.com%2Fmatch-report%2Fhasan-five-for-debut-ton-from-imam-help-pakistan-clinch-series%2F274115

පාකිස්තාන පිතිකරණයට මත්තෙන් හසන් අලී පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීය. එසේම ඔහු තරග 24කදී එක්දින කඩුලු 50 සීමාව පසුකළ අතර ඔහු පාකිස්තානය වෙනුවෙන් වේගවත්ම කඩුලු 50 දවාගත් ක්‍රීඩයාද විය. වකාර් යුනිස් එම දක්ෂතාව දක්වා තිබුණේ ඉනිම 27කිනි. 2016 වසරේදි එක්දින වරම් හිමිකර ගැනීමෙන් පසුව පාකිස්තානයේ ප්‍රධාන පන්දු යවන්නා බවට හසන් පත්වෙමින් සිටින අතර ඔහු මේ වසරේ තරග 16ක් තුළ කඩුලු 40ක් දවාගෙන අතර. එය මේ වසරේ පන්දු යවන්නෙකු දවාගත වැඩිම කඩුලු සංඛ්‍යාවද වෙයි.

කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම 102/1ක් ලෙස හොඳ තත්ත්වයක පසුවිය.  ඒ වන විට දැවී ගිය ක්‍රීඩකයා වූ නිරෝෂන් දික්වැල්ල පන්දු 26ට ලකුණු 18ක් රැස්කරගෙන සිටියේය. උපුල් තරංග ලකුණු 59ක් ඒ වන විට රැස්කළේය.

දෙවැනි එක්දින තරගයේද නොදැවී ලකුණු 112ක් රැස්කළ තරංග තෙවැනි තරගයේදී චන්දිමාල් සමග එක්ව ලකුණු 43ක සබඳතාවක් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වීය. ශාඩබ් ඛාන් කඩුලු ලබාගැනීම ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකාවේ කඩුලු 9ක් ලකුණු 100ක් තුළ දැවී ගියේය.

ශාඩබ් දිනේෂ් චන්දිමාල් (19(49)), තරංග (61(80)) දවාගැනීමට සමත්වූ අතර පසුව හසන් අලී චාමර කපුගෙදර, ජෙෆ්රි වැන්ඩයේ, අකිල ධනංජය හා දුෂ්මන්ත චමීරගේ ඉනිම් අවසන් කළේය. ඒ අනුව කොදෙව් කණ්ඩායම එරෙහිව 5/38ක් ලෙස තම එක්දින දිවියේ හොඳම කඩුලු දවා ගැනීම සටහන් කරගෙන තිබූ හසන් එය ශ්‍රී ලංකාවට එරෙහිව අලුත් කළේය.

ළහිරු තිරිමාන්න 28 හා තිසර පෙරේරා පන්දු 37කදී ලකුණු 38ක් ලබාගනිමින් ශ්‍රී ලංකාව ලකුණු දෙසීයේ සීමාවෙන් එපිටට රැගෙන ගියේය. නමුත් හසන් හා ඉමාම් එක්ව පාකිස්තානය ඉදිරියට රැගෙන ගියේය.